විභාග ඇගයුම් කාර්යාංශයේ මාසික අඛණ්ඩ ඇගයීම් සේවාව - 3, 4, 5 ශ්‍රේණි සීමිත බඳවා ගැනීම

■ අප කාර්යාංශයේ ප්‍රවීන ගුරුභවතුන් හා ළමා අධ්‍යාපනඥයන්/ මනෝ විද්‍යාඥයන් විසින් සකස් කරනු ලබන ප්‍රශ්න පත්‍ර පාසලට/නිවසට තැපැල් මඟින් ලබා දීම. ■ නියමිත කාලය තුල එම ප්‍රශ්න පත්‍රවලට (ප්‍රශ්න පත්‍ර I හා II )පිළිතුරු සැපයීමට ගුරුවරුන්/දෙමාපියන් අධීක්ෂණය යටතේ සිසුන්ට අවස්ථාව සැලැස්වීම. එම උත්තර පත්‍ර තැපැල් සේවාව මඟින් අප වෙත ගෙන්වා ගැනීම. ■ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 5 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පරීක්ෂක අත්දැකීම් ඇති පළපුරුදු/ ප්‍රවීන පරීක්ෂකවරුන් ඒවා ඇගයීමට ලක් කිරීම, ලකුණු කරන ලද උත්තර පත්‍ර ප්‍රතිපෝෂණ ක්‍රියාවලියක් වශයෙන් නැවත සිසුන් වෙත තැපැල් මඟින් ලබා දීම සහ ඒ සමඟ ඔවුන්ගේ දුර්වලතා, ප්‍රබලතා, අඩුපාඩු, වැඩි දියුණු කර ගත යුතු අංග විස්තර කරමින් මුළු ලකුණු සමාලෝචනය කර ප්‍රගති වාර්තා යැවීම. ඒ හරහා දරුවා ගැන දෙමාපියන්ට/ගුරුවරුන්ට අවබෝධයක් ඇති වීම සහ නිසි අඩුපාඩු ඉලක්ක කර වඩා ඵලදායී ලෙස ඉගැනුම් සහය ලබා දීමට හැකිවීම . ■ Zoom තාක්ෂණය ඔස්සේ කුසලතා කරා යොමු නොවු දරුවන්ට මෙන්ම කුසලතා කරා ලඟා වූ දරුවන්ට ඉදිරි ක්‍රියාකාරකම් සඳහා තහවුරු කිරීම් සමමුහුර්ත අධ්‍යාපන තාක්ෂණ ක්‍රම හරහා කිරීම.